මොඩර්නා එන්නත් ලක්ෂ 15ක් දිවයිනට

මොඩර්නා එන්නත් ලක්ෂ 15 රැගත් යානය කටුනායකට ගොඩබසී...

by Sagarika Chathumali 16-07-2021 | 9:42 AM

COLOMBO (News1st) :  අමෙරිකා එක්සත් ජනපදය COVAX වැඩසටහන හරහා ලබා දුන් මොඩර්නා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් දිවයිනට රැගෙනවිත් තිබේ.

ඇමෙරිකාවේ නිෂ්පාදිත මොඩර්නා එන්නත් මාත්‍රා රැගත් ගුවන් යානය අද (16) උදෑසන කටුනායක ගුවන් තොටුපළට ළඟා වූ බව අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසී ය. එන්නත් තොගය ගුවන් යානයෙන් ගොඩ බෑමෙන් පසු ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කර ඇති අතර පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත එන්නත් තොගය ප්‍රවාහනය කිරීමට පියවර ගෙන ඇතැයි, අප වාර්තාකරු පැවසී ය. ශ්‍රී ලංකා රජය අමෙරිකාවෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර ‌ලෙස මෙම මොඩර්නා එන්නත් තොගය මෙරටට ලැබුණු බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසී ය.