සෞඛ්‍ය මාර්ගෝපදේශ අලුත් වෙයි

මාර්ගෝපදේශ අලුත් වෙයි: ශාලා තුළ සංගීත සංදර්ශනවලට අවසර... එළිමහන් සංදර්ශනවලට අවසර නැහැ

by Sagarika Chathumali 16-07-2021 | 10:15 AM

COLOMBO (News1st) :  දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ලිහිල් කිරීමට අදාළව සෞඛ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරාය විසින් අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ක්‍රියාකාරකම් කිහිපයක් සඳහා අවසර ලබා දී තිබේ.

ඒ අනුව ශාලාවන් තුළ සංගීත සංදර්ශන සඳහා අවසර හිමි වන අතර එම අවසරය හිමි වන්නේ, ශාලා අසුන් / ශාලා ධාරිතාවෙන් 50% ක සීමාවට යටත්ව ය . කෙසේ වෙතත් සැණකෙලි හෝ එළිමහන් සංගීත සංදර්ශන සඳහා අවසර හිමි නොවේ. මීට අමතරව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව ඔට්ටු ඇල්ලීමේ ස්ථාන , ළමා උද්‍යාන , නවාතැන් ස්ථාන හ බෝඩින් නිවාස විවෘත කිරීමට ද අවසර හිමි වේ.