ඩෙල්ටා ප්‍රභේදය ගැන අනතුරු ඇඟවීමක්..

මාත්‍රා දෙකම ලබා ගත් ආරක්ෂිත අයෙකුට වුණත්, නැවතත් කොරෝනා බෝවිය හැකියි.. - සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය

by Staff writer 16-07-2021 | 8:30 PM

COLOMBO (News 1st) - දිවයිනේ ප්‍රදේශ රැසක ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වී ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳව මෙසේ අදහස් පළ කළේය.
ඔබ මේ වනවිට දන්නව ඩෙල්ටා ප්‍රභේදයේ තවදුරටත් රෝගීන් වර්තා වූ බව, මෙම රෝගීන් තව 18 දෙනෙක් වර්තා වුණා. එන්නත්කරණය සම්පූර්ණ මාත්‍රා දෙකම ලබාගත් ආරක්ෂිත අයෙකුට වුණත්, නැවතත් කොරෝනා රෝගය බෝ විය හැකි බැවින් මුව ආවරණ පැළඳීම අවම වශයෙන් මීටරේ දුර පවත්වා ගැනීම සහ අත් පිරිසිදුව තබා ගැනීම යන මූලික කරුණු සියලුම දෙනා එන්නත් දෙකම ලබාගත් අයත් මේ මූලික ක්‍රියාකාරකම් හරි හැටි කළ යුතුයි. මං හිතන්නේ අපි පියවරෙන් පියවර තමයි ලිහිල් කරගෙන ආවේ පළාත් අතර සංචරණ සීමාව ලිහිල් කරලා තියෙන්නේ අත්‍යවශ්‍ය රාජකාරිවලට වර්තාකරණ අයට පමණයි. ඉදිරියටත් තවදුරටත් මේ රෝගීන් වර්තා වෙන ආකාරය අනුවත් ඔබ සඳහන් කළ පරිදි ඩෙල්ටා රෝගීන් තවදුරටත් වර්තා වන ආකාරය බලලා ලිහිල් කිරීමට හෝ තවදුරටත් තවත් සංචරණ සීමා පැනවීමට හෝ තීරණය කරන්නට සිදුවේ.