by Staff writer 16-07-2021 | 10:26 PM
COLOMBO (News 1st) - අපයෝජනය කිරීම ඇතුළු චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කළ තවත් සිව්දෙනෙකු ගල්කිස්සේ 15 හැවිරිදි දැරිය අද(16) හඳුනාගෙන තිබේ.
මාලදිවයිනේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා හා ප්‍රධානපෙළේ සංචාරක හෝටල් කළමනාකරුවන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 04 දෙනෙකු ඒ අතර වේ.
එම හඳුනා ගැනීමේ පෙරට්ටුව පැවැත්වුණේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය හමුවේදීය.
ඒ අනුව මාලදිවයින් ජාතිකයාට විදෙස්ගතවීම වළක්වන නියෝගයක් පනවා රුපියල් 25,000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හැරීමට නියෝග කළේ ය.
සෙසු සැකකරුවන් තිදෙනා ලබන ජූලි මස 29 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
මේ අතර අවුරුදු 14 යි මාස 5 ක් වයසැති තවත් බාල වයස්කාර දැරියක් දූෂණය කිරීම සහ ඒ සඳහා ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ අත්අඩංගුවට ගත් එම දැරියගේ සුළු පියා සහ මව, ලබන 30 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද නියෝග කළා ය.