දෙමව්පියනි, කොවිඩ්වලින් දරුවෝ පරිස්සම් කර ගන්න

දෙමව්පියන්ට කියනවා, ඔබ වැක්සින් ගත්තත් රෝග වාහකයෙකු වෙන්න පුළුවන් - රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ

by Staff writer 16-07-2021 | 8:47 PM

COLOMBO (News 1st) - දෙමව්පියන්ගේ නොසැලකිමත්කම හේතුවෙන් කොවිඩ් හමුවේ දරුවන් අනතුරට ලක්වෙමින් ඇතැයි රිජ්වේ ළමා රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, එන්නත්කරණයට ලක් වූ දෙමව්පියන්ට තම දරුවන් එන්නත්කරණය කර නැතැයි අමතකව ඇති බවය. රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ ජී.විජේසූරිය මහතා,
මේ වනවිට මේ රෝහලේදී පමණක් කුඩා දරුවන් 10 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා මේ රෝගය වැළඳීමෙන්. දෙමව්පියන්ගෙන් හා ගෙදර ඉන්න අනෙකුත් නිවැසියන්ගේ නොසැලකිලිමත්කම නිසා තමයි වැළඳිලා තියෙන්නේ. ඒ වගේම අපේ දෙමාපියන් වැඩිහිටියන් හිතාගෙන ඉන්නවා දැන් අපි වැක්සින් එක අරගත්තා. නැත්නම් එන්නත්කරණ කර ගත්තා, දැන් අපිට මේ රෝගය වැළඳෙන්නේ නෑ. අපිට කිසි ප්‍රශ්නයක් නෑ අපිට සාමාන්‍ය ආකාරයට තමන්ගේ සියලුම කාර්ය්‍යන් කරන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා සමහර අය තුළ. තමන් එන්නත්කරණය ලබා ගැනීම තුළින් වෙන්නේ තමන්ට රෝගය වැළඳීම අවම වීම සහ සමහරක් වෙලාවට රෝගය වැළඳුණත් තමන්ට අසාධ්‍ය තත්ත්වයට පත් නොවීම පමණයි. හැබැයි තමන් රෝග වාහකයෙකු වෙන්න පුළුවන්. මේ රෝගය නිසාම වෙනත් ආකාරරයේ යම් යම් සංකූලතාවයන් ඇති වෙනවා. බහු ඉන්ද්‍රීය ඉදිමීම වගේ තත්ත්වයක් ඇති වෙනවා. මේ රෝගයේ ලක්ෂණ තියෙන්නේ සමහරක් වෙලාවට අපිට ඇස් රතු වීම් දකින්න පුළුවන්. ඒ වගේම හමේ රතු පාට පැහැ ගැන්වීමක් දකින්න පුළුවන් දදයක් වගේ, ඒ වගේම බඩේ කැක්කුම, වමනය වගේ දේවල් වෙන්න පුළුවන්. ඒක නිදා දෙමාපියන් විශේෂයෙන්ම අවධානය ඉන්න ඕනේ. සමහර වෙලාවට තමන්ගේ දරුවාට කොරෝනා වැළඳුණු බව දන්නේ නැතුව ඇති. මේක ලෝකේ පුරාම පැතිරීගෙන යන රෝගී තත්ත්වයක්, ඒක නිසා සෑම කෙනෙක්ම තමාගේ දරුවාගේ ආරක්ෂාව සඳහා දෙමව්පියන් වැඩිහිටියන් සියලුම දෙනා ආරක්ෂා වෙන්න ඕනේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහලට එන්න බියවෙන්න එපා.