අත්අඩංගුවට ගන්න ක්‍රමයක් කියන්න?

තරුණයින්ට දෙන පුහුණුවක් ගැන සරත් වීරසේකර ⁣යළි පැහැදිලි කරයි..

by Staff writer 16-07-2021 | 10:40 PM

COLOMBO (News 1st) - පොලිස් අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් එල්ලවන චෝදනා පිළිබඳ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා අද සිය අදහස් පළ කළේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, පානදුර පොලිස් කොට්ඨාසයේ අලුබෝමුල්ල සහ හිරණ පොලිස් ස්ථාන විවෘත කරමිනි. මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා,
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අපට දෙනවා පැහැදිලි නියෝගයක්, පොලීසියට දෙනවා උද්ඝෝෂණ සහ රැස්වීම් නැවැත්විය යුතුයි කියලා. ඒ නිසා තමයි පොලීසිය ගිහින් එදා ඒ උද්ඝෝෂණ නැවැත්තුවේ. ඔවුන්ව නිරෝධානයට අරන් ගියෙත් පොලීසියට අවශ්‍ය නිසා නෙවෙයි. නිරෝධායනයට ගෙනිච්චෙත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ ලිඛිත ඉල්ලීම මත. එහෙමනම් ඇයි පොලීසියට බනින්නේ. අත්අඩංගුවට ගන්න ගියහම බිම වැතිරුනහම මට කියන්න බලන්න මෙතන ඉන්නවනම් කවුරු හරි උස්සගෙන යන්නේ නැතුව ගහන් නැතුව ජල ප්‍රහාර එල්ල කරන්නේ නැතුව වෙන ගෙනියන්න ක්‍රමයක් තියෙනවා නම් කරුණාකරලා අපිට කියලා දෙන්න එක්කෝ අපි ඒ ක්‍රමයට ඊට පස්සේ මිනිස්සුන්ව අරන් ගිහිල්ලා අත්අඩංගුවට ගන්නම්.
තරුණයින්ට හමුදා පුහුණුව ලබාදීම පිළිබඳවත් ඔහු මෙහිදී නැවතත් කරුණු පැහැදිලි කළේ ය. මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා,
ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුවේ දී මම කිව්වා ඇයි පස්සේ මට ඉතාම අපහාස කළා හමුදා පුහුණුවක් ලබාදිය යුතුයි කියලා අවුරුදු 18ට වැඩි අයට හමුදා පුහුණුවක් කියන්නේ මේ සමහරු විවේචනය කරන විදිහට නිලධාරි කාරයෙක් වෙන්න නෙවෙයි නමුත් අවුරුදු 18 තියන තරුණයාට අපි යම් කෙසේ මුහුණ වක් ලබාදෙනවා නම් ඒ පුහුණුව ලබා දෙන්න සුදුසුම තැන තමයි හා ම හමුදා කඳවුර. එකේ යම්කිසි හික්මීමක් තියෙන නිසා ඒ වගේම පහසුකම් තියෙන නිසා පෞරුෂත්වය වැඩි වෙන හැම නැත්නම් නායකත්වය වැඩි කරන අපේ ගුණාංග වැඩි කරන යම්කිසි පාඨමාලාවක් දුන්නොත් අපිට පුළුවන් වෙනවා සමාජය ක්‍රමක්‍රමයෙන් විනයගරුක සමාජයක් බවට පත් කරන්න අද රටට මේ වගේ විපත්තියක් වෙලා තියෙන්නේ රටට ආදරය කරන මිනිස්සු නැති නිසා.