මාර්ගෝපදේශ අලුත් වෙයි: ශාලා තුළ සංගීත සංදර්ශනවලට අවසර… එළිමහන් සංදර්ශනවලට අවසර නැහැ

මාර්ගෝපදේශ අලුත් වෙයි: ශාලා තුළ සංගීත සංදර්ශනවලට අවසර… එළිමහන් සංදර්ශනවලට අවසර නැහැ

මාර්ගෝපදේශ අලුත් වෙයි: ශාලා තුළ සංගීත සංදර්ශනවලට අවසර… එළිමහන් සංදර්ශනවලට අවසර නැහැ

කර්තෘ Sagarika Chathumali

16 Jul, 2021 | 10:15 am

COLOMBO (News1st) :  දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ලිහිල් කිරීමට අදාළව සෞඛ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරාය විසින් අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ක්‍රියාකාරකම් කිහිපයක් සඳහා අවසර ලබා දී තිබේ.

ඒ අනුව ශාලාවන් තුළ සංගීත සංදර්ශන සඳහා අවසර හිමි වන අතර එම අවසරය හිමි වන්නේ, ශාලා අසුන් / ශාලා ධාරිතාවෙන් 50% ක සීමාවට යටත්ව ය .

කෙසේ වෙතත් සැණකෙලි හෝ එළිමහන් සංගීත සංදර්ශන සඳහා අවසර හිමි නොවේ.

මීට අමතරව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව ඔට්ටු ඇල්ලීමේ ස්ථාන , ළමා උද්‍යාන , නවාතැන් ස්ථාන හ බෝඩින් නිවාස විවෘත කිරීමට ද අවසර හිමි වේ.

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]