ස්පාඤ්ඤ වැසියන්ට දඩ මුදල් ආපසු ලබා ගන්න අවස්ථාවක්

සංචරණ සීමා කඩ කර දඩ නියම වූ ස්පාඤ්ඤ වැසියන්ට, එම දඩ මුදල් ආපසු ලබා ගන්න අවස්ථාවක්..

by Staff writer 15-07-2021 | 10:03 PM

News 1st - පසුගිය වසරේ කොවිඩ් වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා රට වසා දැමීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ස්පාඤ්ඤ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

මෙම අධිකරණ තීරණයත් සමග සංචරණ සීමා කැඩීමේ වරදට දඩ නියමවූවන්ට එම දඩ මුදල් ආපසු ලබා ගැනීමේ අවස්ථාව උදා වී තිබේ. ස්පාඤ්ඤ ආණ්ඩුව ඉකුත් වසරේ මාර්තු මස 14 වැනිදා පළමු කොවිඩ් රැල්ල මැඩපැවැත්වීමට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ ය. එම නීතිය යටතේ ස්පාඤ්ඤ වැසියන්ට නිවෙස්වල රැඳෙන්නට බල කෙරුණු අතර පිටතට යාමට අවස්ථාව හිමිවුණේ අත්‍යවශ්‍ය කාරණා සඳහා පමණයි.