COLOMBO (News 1st) - අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව උද්ඝෝෂණවල නිරත වන්නන් සිදු කළ යුත්තේ වර්තමානයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීම මිස දේශපාලන අභිමතාර්ථ වෙනුවෙන් පෙනී නොසිටීම බව ජනාධිපති අවධාරණය කරයි.
පුරවර විශ්වවිද්‍යාල සංකල්පය හඳුන්වාදීම හා නිල වෙඩ් අඩවිය ආරම්භ කිරීම අද(15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
ඒ, 2021 ලෝක තරුණ නිපුණතා දිනයට සමගාමීවයි.
පුරවර විශ්වවිද්‍යාල පළමු සරසවිය කෑගල්ල දිස්ත්‍රික්කයේ, පින්නවල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ඉදිරි සති කිහිපය තුළ දී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
ආර්ථිකයට සෘජුව සම්බන්ධ විය හැකි හෝ ස්වංය රැකියාවක නිරත විය හැකි දැනුමක් සහිත පුද්ගලයකු උපාධිය අවසානයේ නිර්මාණය කිරීම පුරවර විශ්වවිද්‍යාල වැඩසටහනින් තමන් අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ය.