by Staff writer 15-07-2021 | 5:42 PM
COLOMBO (News1st) : නාවලපිටිය නගර සභාවේ පාලන බලය අද(15) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුකර ගත්තේ ය.
ඒ, නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සසංක සම්පත් සංජීව මහතා සභාපති ධුරයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් ඉවත් කරමින් පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනයෙන් අනතුරුව පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා පැවති ඡන්ද විමසිමකදී ය.
එම ඡන්ද විමසීම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද නාවලපිටිය නගර සභා රැස්වීම් ශාලාවේදී පැවැත්විය.
එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සභාපති ධුරයට ඉදිරිපත් වූ අමල් ප්‍රියංකර මහතා වැඩි ඡන්ද දෙකකින් සභාපති ධුරය සඳහා තේරී පත්විය.
ස්වාධීන කණ්ඩායම් මන්ත්‍රීවරයා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයා නව සභාපතිවරයාට සහාය දෙමින් ඡන්දය දුන්නේ ය.
හිටපු සභාපතිවරයා ධුරයෙන් ඉවත් කෙරුණේ, පසුගියදා අධිකරණය දුන් තීන්දුවක් අනුව යමින් ය.