ද.අප්‍රිකාවේ ප්‍රචණ්ඩ ක්‍රියා උග්‍ර වෙයි..

ද. අප්‍රිකාවේ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනයට හමුදා භටයින් 25,000 ක්

by Sagarika Chathumali 15-07-2021 | 5:12 PM

COLOMBO (News1st) : දින ගණනාවක් තිස්සේ උග්‍රවෙමින් පවතින දකුණු අප්‍රිකාවේ ප්‍රචණ්ඩ ක්‍රියා සහ කොල්ලකෑම් පාලනය කිරීම සඳහා යුද හමුදා භටයින් 25,000 යෙදවීමට දකුණු අප්‍රිකාව සැලසුම් කර තිබේ.

හිටපු ජනපති ජෙකොබ් සූමා සිරගත කිරීමට එරෙහිව දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක ප්‍රචණ්ඩ ක්‍රියා සහ කොල්ලකෑම් මේ වනවිට උග්‍රවී ඇති අතර විරෝධතාවලදී හටගත් ගැටුම්වලින් අහිමිවී ඇති පුද්ගල ජීවිත සංඛ්‍යාව 72 ක් පමණ වේ. දකුණු අප්‍රිකානු ආරක්ෂ අමාත්‍ය නොසිවිව් මාපිසා-නකකුල මහත්මිය පවසන්නේ, ප්‍රචණ්ඩ ක්‍රියා උග්‍ර පළාත් දෙකක හමුදා භටයින් 25,000 කිරීම සඳහා වන ඉල්ලීමක් තමන් ඉදිරිපත් කළ බවයි. විරෝධතා අතරතුර කළහකාරීව හැසිරුණු පුද්ගලයින් 1,700 කට වැඩි පිරිසක් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රචණ්ඩ ක්‍රියා අතරතුර වෙළඳසල් සහ ව්‍යාපාරික ස්ථාන සිය ගණනින් කොල්ල කා ඇති අතර ඇතැම් දකුණු අප්‍රිකානු වැසියන් සිය දේපොළ ආරක්ෂා කර ගැනීම සඳහා ආයුද සන්න්ද්ධව සිටින බවට ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ දිනයේ කොල්ලකෑම් ඇතුළු විනාශකාරී සිදුවීම් 208 ක් වාර්තා වී ඇත. හිටපු ජනපති ජෙකොබ් සුමා සිර භාරයට ගැනීමට විරෝධය පළ කරමින් වෙළඳසල් ගිනි තබමින් හා ගොඩනැගිලිවලට හානි කරමින් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. දකුණු අප්‍රිකානු හිටපු ජනපති ජෙකොබ් සුමා සිර අඩස්සියට පත් වූයේ සිය ධුර කාලය තුළදී සිදුවූ දූෂණ වංචාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් නොවීම හා අධිකරණයට අපහාස කිරීම යන චෝදනා මතයි.