.webp)
සමහර රජවරු හිතනවා, බලය කියලා කියන්නේ තමන්ට ඕන දෙයක් කරන්න පුළුවන්කම කියලා, හැබැයි ඒක වැරදුනා කියලා තේරෙන්නේ ටිකක් කල් ගියාම. ලැජ්ජාතිස්ස රජතුමා මුල් කාලයේදි ආරාමවලට විරුද්ධව කටයුතු කළා. නමුත් ඔහු පසුව වැරැද්ද තේරුම්ගත්තා. මිත්සෙන් කරල් සොරා කියලාමයි තියෙන්නේ ඔහු චෛත්‍ය බින්දා ධූපාරාමයත් බින්දා. ඔහුට පාඩම් ඉගෙන ගත්තා මහජනතාවගෙන්. ඊට පස්සේ මහසෙන් රජ්ජුරුවෝ ඔහු මහා විහාරය ස්වාමින් වහන්සේලා එලවලා මහා විහාර භූමියේ උඳු වැපුරුවා. මේ විදිහට සමහර පාලකයින් හිටියා සමහර කාලවල මේවා වැඩක් නෑ මේවා රකින්න ඕන නෑ කියලා. නමුත් එහෙම සිතූ අයට කිසි දවසක පැවැත්මක් තිබුණේ නැහැ. මේ වගේ රටක විශේෂයෙන්ම සම්ප්‍රදාය එක්ක ඉතිහාසට ගරු කරන රටක මහා සංඝයා වහන්සේලාගේ අනුශාසනාව ලැබෙන රටක ඊට පටහැනිව කටයුතු කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. ඒ නිසා එය නිවැරදිව තේරුම් ගත්ත පාලකයෝ සාර්ථක පාලකයෝ බවට පත්වුණා.