by Staff writer 14-07-2021 | 9:52 PM
COLOMBO (News 1st) - මීට දින කිහිපයකට පෙර මියගිය බවට සැක කෙරෙන කෙනරකගේ සිරුරක් මින්නේරිය වනජීවි නිලධාරීන් සොයාගෙන තිබේ.
ඒ, මින්නේරිය ජාතික වනෝද්‍යානයට අයත් ගල්ලිඳ, මහවැව ප්‍රදේශයේදීය.
මින්නේරිය වනජීවි නිලධාරීන් පැවසුවේ, කොළඹ ප්‍රධාන කාර්යාලයට ලද දුරකතන ඇමතුමක් මත සිදු කෙරුණු මෙහෙයුමකදී මින්නේරිය රක්ෂිතය මැද මෙම කෙනරගේ සිරුර හමු වූ බවය.
සති දෙකකට පෙර මෙම කෙනර මරා දමා සඟවා ඇතැයි විශ්වාස කෙරේ.
මෙය, පසුගිය දිනවල අලි පැටවුන් සොරකම් කරන බවට ලැබුණ තොරතුරු මත වනජීවී නිලධාරීන් වැටලීම් කිහිපයක් ද සිදු කළ ප්‍රදේශයකි.
කෙනර මරා දමා පැටවා කිසියම් පිරිසක් පැහැරගෙන ගියා ද?