සූමා අත්අඩංගුවට ගැනීමට එරෙහි විරෝධතා උග්‍ර වෙයි

ද. අප්‍රිකානු හිටපු ජනපති සූමා අත්අඩංගුවට ගැනීමට එරෙහි විරෝධතා උග්‍ර වෙයි

by Staff writer 14-07-2021 | 9:14 AM

COLOMBO (News1st) :  දකුණු අප්‍රිකානු හිටපු ජනපති ජෙකොබ් සූමා අත්අඩංගුවට ගැනීමට එරෙහිව ආරම්භ වූ විරෝධතා උග්‍ර වී තිබේ.

විරෝධතාකරුවන් වෙළඳසල් ගිනි තබමින් හා ගොඩනැගිලිවලට හානි කරමින් ඊට විරෝධය පළ කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මේ වනවිට විරෝධතාවලදී හටගත් ගැටුම්වලින් පුද්ගලයින් 72 දෙනෙකු පමණ මියගොස් තිබේ. විරෝධතා පාලනයට හමුදාව යොදවා ඇති අතර කළහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 1234 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. දකුණු අප්‍රිකානු හිටපු ජනපති ජෙකොබ් සුමා සිර අඩස්සියට පත් වූයේ සිය ධුර කාලය තුළදී සිදුවූ දූෂණ වංචාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් නොවීම හා අධිකරණයට අපහාස කිරීම යන චෝදනා මතයි.