ජනපති විසින්, නව ජනාධිපති නීතිඥවරු 07ක් පත් කෙරේ..

ජනපති විසින්, නව ජනාධිපති නීතිඥවරු 07ක් පත් කෙරේ..

by Staff writer 14-07-2021 | 7:32 PM

COLOMBO (News 1st) - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරු 07 දෙනෙකු ජනාධිපති නීතිඥවරු ලෙස පත් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, අතිරේක සොලිසිටර් ජෙනරාල්වරු වන, 01.මිලින්ද ගුණතිලක 02.හරිප්‍රියා ජයසුන්දර 03.විකුම් ආබෲ 04.ශානක විජේසිංහ 05.රවින්ද්‍ර පතිරණගේ 06.නෙරීන් පුල්ලේ 07.චේතිය ගුණසේකර යන මහත්ම මහත්මීන් ජනාධිපති නීතිඥවරු ලෙස පත්කර ඇති බවය. මෙම පිරිස ඉදිරි කාලයේදී දිවුරුම් දීමට නියමිත අතර අදාළ පත් කිරීම් ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ හිරිගුප්තා රෝහණධීර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ටාර්වරයා වෙත අද භාර දුන් බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.