නාගරික සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්

විශ්‍රාමික මේජර් ජෙනරල් උදය නානායක්කාර නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයට

by Staff writer 13-07-2021 | 10:11 PM

COLOMBO (News 1st) - විශ්‍රාමික මේජර් ජෙනරල් උදය නානායක්කාර මහතා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයට පත්කර තිබේ.

ඔහු හෙට(14) සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතය. මීට පෙර මේජර් ජෙනරල් උදය නානායක්කාර මහතා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළේය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා ලෙස ද ඔහු කලක් කටයුතු කර තිබේ. අකුරේගොඩ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ලෙස ද කලක් කටයුතු කළ ඔහු යුද්ධ හමුදා ඉංජිනේරු බලකාධිපති ලෙස ද සේවය කළේය. මේජර් ජෙනරල් උදය නානායක්කාර මහතා 2006 - 2009 කාලය තුළ හමුදා ප්‍රකාශවරයා ලෙස ද කටයුතු කරනු ලැබිණි.