විවිධ නිෂ්පාදකයින්ගේ කොවිඩ් එන්නත් සැසදීම සහ මිශ්‍ර කිරීම භායානක ප්‍රවණතාවක් - WHO ප්‍රධාන විද්‍යාඥ

by Staff writer 13-07-2021 | 8:45 PM

COLOMBO (News 1st) - විවිධ නිෂ්පාදකයින්ගේ කොවිඩ් එන්නත් සැසදීම සහ මිශ්‍ර කිරීම භායානක ප්‍රවණතාවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධාන විද්‍යාඥ සෞම්‍ය ස්වාමිනාදන් මහත්මිය පවසන්නීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍ය ස්වාමිනාදන් "එන්නත් මිශ්‍ර කිරීමෙන් සහ සැසදීමෙන් සිදුවන සෞඛ්‍ය බලපෑම සම්බන්ධයෙන් තවමත් ඇත්තේ සිමීත තොරතුරු ප්‍රමාණයක්. ඒ නිසා විවිධ නිෂ්පාදකයින්ගේ කොවිඩ් 19 එන්නත් සැසදීම හා මිශ්‍ර කිරීම භායානක ප්‍රවණතාවයක්."