කොතලාවල පනත නිදහස් අධ්‍යාපනයට මරු පහරක්

යෝජිත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත මෙරට නිදහස් අධ්‍යාපනයට මරු පහරක් - විපක්ෂ නායක

by Staff writer 13-07-2021 | 10:51 PM

COLOMBO (News 1st) - යෝජිත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත මෙරට නිදහස් අධ්‍යාපනයට මරු පහරක් බව නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙරට ජාතික ආරක්ෂාව සුරැකීම සහ ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය උසස් අධ්‍යාපනය ලබාදීම පිණිස ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වඩාත් ශක්තිමත් කිරීම ජාතික අවශ්‍යතාවයක් වුවත් එම මූලික රාමුවෙන් බැහැරව පවතින නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමත් උසස් අධ්‍යාපන ව්‍යුහයෙන් බැහැරව ආයතන පිහිටුවීමත් දැඩි ලෙස හෙළා දකින බව ඔහු අවධාරණය කරයි. විපක්ෂ නායකවරයා අවධාරණය කරන්නේ, ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් යන මෙම ක්‍රියාවලිය තුළ උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය, ප්‍රමිතිය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ආධිපත්‍යය මුළුමනින්ම අහෝසි වන අතර නිදහස් අධ්‍යාපනය ඉතා දැඩි අර්බුදයකට ලක්වන බවය.