විදුලි සැපයුම:අමෙරිකානු ව්‍යාපෘතියක් ගැන අනාවරණයක්

මෙරට විදුලිය සැපයුම අත්පත් කර ගැනීමට උත්සාහ කරන අමෙරිකානු ව්‍යාපෘතියක් ගැන අනුර දිසානායකගෙන් අනාවරණයක්

by Staff writer 13-07-2021 | 8:51 PM

COLOMBO (News 1st) - කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ 40% ක රජය සතු කොටස් අමෙරිකානු සමාගමකට විකිණීමේ සූදානම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පැවති මාධ්‍ය හමුවකදී අනාවරණයක් කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක මහතා,
පසුගිය සඳුදා අපේ රටේ ආරක්ෂාවටත් ආර්ථිකයටත් අතිශය අහිතකර ලෙස බලපාන කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලය අනුමත කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශ ලේකම් ආටිගල මහත්මයත් ඒ වගේම ෆොට්ට්‍රස් කියන අමෙරිකානු සමාගමත් සමග ගිවිසුමක් අත්සන් කරලා තිබෙනවා. කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයත් නල පද්ධතියත් ඒකට ගෑස් සැපයුමත් ගබඩා සංකීර්ණත් මුළුමනින්ම අමෙරිකා එක්සත් ජනපද සමාගම් වෙත පැවරීම සඳහා උත්සාහයක් තිබෙනවා. අපි දන්නවා, අපේ වගේ රටක විශාල බලශක්ති වෙළෙඳපොළක් නැහැ. ඒ නිසා බලශක්තිය අත්පත් කරගන්න කෙනා තමයි හෙට අපේ රට පාලනය කරන්නේ. දැන් රාජ්‍ය සමාගම් 04 ක් රාජ්‍ය භාණ්ඩාගාරයත් සමග ආයතන 04කට ඇතුළත්ව අයිතිව තිබෙන මෙම කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ සියයට 40 ක කොටස් ප්‍රමාණයක් මෙම අමෙරිකානු සමාගමට පවරාදී සඳහා මෙම කැබිනට් මණ්ලයේ අනුමැතිය අරන් තියෙනවා. යුගදනවි බලාගාරය ආසන්නයේ තවත් එම බලාගාරයේම දිගුවක් ලෙස තවත් මේගාවෝට් 300 ක එල් එන් ජී බලාගාරයක් ඉදිකරමින් තියෙනවා. එකත් යුගදනවි බලාගාරයට අයිතියි. එතකොට 600 ක් 2025 වෙනකොට සැලසුමක් තියෙනවා මෙම බලගාර පද්ධතිය මේගාවෝට් 1000 දක්වා වර්ධනය කරන්න. විශාලතම බලාගාරය සඳහා පත්වීමේ සැලසුම් තියෙන බලාගාරයේ සියයට 40 ක් තමයි අමෙරිකානු සමාගමකට පවරා දෙන්න හදන්නේ. විදුලිබල මණ්ඩලය සමග තියෙන ගිවිසුම අනුව 2035 වනකොට යුගදනවි බලාගාරය මුළුමනින්ම විදුලිබල මණ්ඩයට අයිතිවීමට නියමිතව තිබෙනවා. මේ දේශප්‍රේමී සලුපිලි පටලවාගත්තු අමෙරිකන් පුරවැසියන්ගෙන් ගහන මේ ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා ඇතුළු අමෙරිකන් පුරවැසියෝ අමෙරිකන් පුරවැසි මුදල් ඇමතිවරු යුගදනවි බලාගාරය අමෙරිකාව සඳහා පවරා දීමට කටයුතු කරනවා. අපේ රටේ සියලු බලාගාර සඳහා ගෑස් සැපයීමේ නළ පද්ධතිය ඒ නල පද්ධතිය ඉදිකිරීමේ ටෙන්ඩර් කැඳවලා තිබුණා ජාත්‍යන්තර ටෙන්ඩරයක්. එය ගබඩා කිරීම සඳහා පාවේන ගබඩා සංකීරණයක් ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවලා තිබුණා ජාත්‍යන්තර ටෙන්ඩරයක්. එය ගබඩා කිරීම සඳහා පාවෙන ගබඩා සංකීර්ණයක් ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවලා තිබුණා ජාත්‍යන්තරව ඒ ටෙන්ඩරය අවසන් කරලා තිබෙනවා. ඒ ටෙන්ඩරය අවසන් කරලා තිබියදි තමයි කෙරවලපිටිය බලාගාරය පවරා දෙන අමෙරිකානු ෆෝට්ට්‍රස් කියන සමාගමටම ඒ ඉදිකිරීම් දෙක ලබාදීලා තියෙන්නේ. අවුරුදු 5 කට මේ සඳහා අවශ්‍යවන සියළු ගෑස් සැපයීමත් මේ අමෙරිකානු සමාගමට ලබාදී තිබෙනවා. මේ පත්‍රිකාව අතිරේක පත්‍රිකා ලෙස කැබිනට් ඇමතිවරු කැබිනට් මණ්ඩලයට යන විට තමන්ගේ මේ උඩ තිබුණු පත්‍රිකා මා දැනගන්න කැමතියි ඩලස් අලහප්පෙරුම විදුලිබල අමාත්‍යතුමාගෙන් මෙවැනි කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ඔබ දැනසිටියා ද? ඩලස් අලහප්පෙරුම විදුලිබල අමාත්‍යවරයා පවා කැබිනට් පත්‍රිකාව දකින්නේ කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා වාඩි උනාම. සියලු අමාත්‍යවරුන්ට විශේෂයෙන්ම ඒ අමාත්‍යාංශයට අදාළ නිරීක්ෂණ ලබාදීමේ අයිතියක් තිබෙනවා. මා දන්නා පරිදි ඔවුන් කාලයක් ඉල්ලා සිටියා. විදුලිබල අමාත්‍යවරයාගෙන් ඩලස් අලහප්පෙරුමගෙන් ඒ වෙලාවේ කියලා තිබෙන්නේ එ් මොහොත වන විට නිරීක්ෂණ ලබාදෙන්න කියලා. මොකක්ද මේ කොලේ වහලා ගහන ගැහිල්ල ඊට පස්සේ පැය 24 ක කාලයක් දෙනවා පැය 24 ක කාලය තුළ මේ ගොල්ලෝ නිරීක්ෂණ යවනවා හැබැයි අර ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව අනුමත කරනවා. මෙහෙමයි සිද්ධ වෙන්නේ. මැදමුලනේ සොහොයුරන්ට අයිති දේපලක් විකුණනවා වගේ අපේ රටේ ජාතික ආර්ථිකයට ජාතික ආරක්ෂාවට තීරණාත්මක ලෙස බලපෑම් කරන මෙම කෙරවලපිටිය බලාගාරයත් ටෙන්ඩර් කැඳවා ඉදිකිරීමට නියමිත නළ පද්ධතියත් ගබඩා සංකීර්ණයත් ගෑස් සැපයීමත් ඇමරිකන් සමාගමට ලබාදෙනවා. අමෙරිකා එක්සත් ජනපදය ගලේ ගැසිය යුතුයි කියලා කතා කරපු මහත්තුරු මේ ආණ්ඩුවේ ඉන්නවා දේශප්‍රේමී සලුපිළිත් පළඳාගේන ඔවුන්ගේ ස්ථාවරය මොකක්ද එහෙම නැත්නම් ඔවුන් රාජපක්ෂලාගෙත් පාලනය යටතේ සුවච කීකරු හීලෑවුන් අමුතු සත්වයෙක් ලෙස පත්වෙලා තිබෙනවා ද කියලා අපි දැනගන්න කැමතියි. අපේ රටේ මුළු බලශක්තිය අමෙරිකන් එක්සත් ජනපදයේ සමාගම් වෙත මේ අමෙරිකානුවන් පාවලා දීලා තිබෙනවා. ඒ නිසා තමයි අපි ජනාධිපතිවරණයේදී කිව්වේ මේ අමෙරිකන් පුරවැසියන් අපේ රටේ ජනාධිපති පුටුවේ වාඩිකරවන් ඉන්නවා අමෙරිකන් පුරවැසියන් කඩිමුඩියේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මුදල් අමාත්‍ය ධුර භාරගන්න ඒක වෙන මොකටවත් නෙවෙයි අපේ රටේ ජාතික සම්පත් අමෙරිකානු සමාගම් වෙත පවරා දීම සඳහා තිබුණු යටි සැලසුම් උඩ. අපි දැනගන්න කැමතියි මේ මාධ්‍යවේදීන්ගෙන් එවැනි කැබිනට් පත්‍රිකාවක් අනුමත කළ බව කැබිනට් මාධ්‍ය සාකච්ජාවේදී ජනතාවට කිව්වාද නෑ. එවැනි ගිවිසුමක් අත්සන් කළ බව පාර්ලිමේන්තුවට කිව්වාද? නෑ. ඒ නිසා අපි අද බල කරලා කියන්නේ කරුණාකරලා අපි අද කියන්නේ මේ කැබිනට් පත්‍රිකාව අකුලන්න මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට මේ ඇමරිකානු ෆෝට්රේස් එනර්ජි සමාගමත් සමග අත්සන් කරන ලද මේ ගිවිසුම අවලංගු කරන්න ටෙන්ඩරයක් කැඳවේවා නම් ඒ අමෙරිකානු සමාගමට ඒ ටෙන්ඩරයට ඉල්ලන්න තිබුණා. නමුත් ඔවුන් ටෙන්ඩරයට ඉදිරිපත් වෙන්නේ නැතුව රාජාපක්ෂලා සමග යටි ගනුදෙනු යටි එකඟතාවන් මත මෙවැනි ගනුදෙනු සිදු කරමින් තිබෙනවා. ඒ නිසා මේ වංචාවන් මේක අස්සේ තිබෙනවා. දූෂණය මේක අස්සේ තිබෙනවා. ඒ නිසා මේ ක්‍රියාමාර්ග වහා නතර කළ යුතුයි. ඒ වගේම කැබිනට් මණ්ඩලයෙන් මා ඉල්ලා සිටිනවා ඔබ කැබිනට් මණ්ඩලයට යනකොට ඔබගේ මේසේ උඩ තියෙන පත්‍රිකාවක් නොදැකපු පත්‍රිකාවක් අධ්‍යනය නොකරපු පත්‍රිකාවක් අඩුම තරමේ නිරීක්ෂණවත් ඉදිපත් නොකරපු පත්‍රිකාවක් බැසිල් රාජපක්ෂට මහින්ද රාජපක්ෂට ගෝඨාභය රාජපක්ෂට අවශය පරිදි සම්මත කර දෙන්න නම් කැබිනට් මණ්ඩලය තවදුරටත් මපට්වරුන්ගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් ඒක කොහොමත් එහෙම තමයි හැබැයි ඉතා හොදින් පේනවා මේ එක පවුලකට තීන්දු තීරණ ගැනීම සඳහා නැටවෙන කැබිනට් මණ්ඩලයක් අපි කියනවා කොන්ද කෙළින් තියෙන සැබවින්ම රට ගැන කැක්කුමක් ආදරයක් තිබෙන එක කැබිනට් අමාත්‍යවරයෙක් ඉන්නවා නම් කරුණා කරලා රටට ඇවිල්ලා කියන්න මේ විනාශකාරි කැබිනට් පත්‍රිකාව අනුමත කරගැනීමේ ක්‍රියාදාමය ඔබ එකඟද කියන කාරණය රටට කියන්න අපි කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන්ට කියන්න කැමතියි.