උඳු පිටරටින් ගෙන්වා ඇතැයි ගොවීන්ගෙන් චෝදනා

ආනයනය සීමා කළ උඳු පිටරටින් ගෙන්වා ඇතැයි ගොවීන්ගෙන් චෝදනා...

by Staff writer 13-07-2021 | 10:44 PM

COLOMBO (News 1st) - දේශීය උඳු අස්වැන්න වෙළෙඳපොළට නිකුත්වන අවස්ථාවේ ආනයනය සීමා කළ උඳු පිටරටින් ගෙන්වා ඇතැයි ගොවීන්ගෙන් චෝදනා එල්ල වෙයි.

මේ හේතුවෙන් අනුරාධපුර, මහවිලච්චිය, තන්තිරිමලය හා නොච්චියාගම දේශීය උඳු ගොවියා පත්ව ඇත්තේ දැඩි අපහසුතාවකටයි. මාස් කන්නයේ අස්වැන්න තවමත් අලෙවි කර ගැනීමට නොහැකිව ගබඩා කර තිබෙන මොහොතක යල කන්නයේ අස්වැන්න ද නෙළීමට ඇත්තේ කෙටි කාලයකි. අප වාර්තාකරු පවසන්නේ, නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පමණක් උඳු කිලෝග්‍රෑම් ලක්ෂ 02කට ආසන්න ප්‍රමාණයක් අලෙවි කර ගැනීමට නොහැකිව නිවෙස් තුළම ගබඩා කර ඇති බවයි. ගොවීන් සහ ව්‍යාපාරිකයින් නගන මේ චෝදනාව සම්බන්ධව වහා සොයා බැලිය යුතු නොවේ ද?