COLOMBO (News 1st) - ගුරු හා ශිෂ්‍ය සංගම්, වෘත්තීය සමිති අතුළු ක්‍රියාකාරීන් ඒකාබද්ධව ආරම්භ කර ඇති සිසු ජන ව්‍යෘපාරය අද(12) පස්වරුවේ කොළඹ ලිප්ටන් වටරවුම අසළදී විරෝධතාවයක නිරත විය.
විරෝධාව පැවැත්වුණේ, නිරෝධායනය මුවාවෙන් සිදු කරන මර්දනය වහා නවතා දැමීම සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හකුලා ගන්නැයි ඉල්ලමිනි.
අද පස්වරු 3.00 ට පමණ ලිප්ටන් වටරවුම අසළට රැස් වූ පිරිස විරෝධතාව ආරම්භ කළේ ය.
මෙම විරෝධතාව සඳහා අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, ලංකා ගුරු සංගමය, ලංකා බැංකු සේවක සංගමය, පුහුණු විද්‍යාපීඨ හා උපාධිධාරී ගුරු සංවිධානය, ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ඇතුළු ගුරු සංගම් වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් රැසක් එක් ව සිටියහ.
විරෝධතාව පැවති අවස්ථාවේ කොළඹ ලිප්ටන් වටරවුම අසළ දැඩි පොලිස් ආරක්ෂාවක් ද යොදා තිබුණි.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ උදාර සඳරුවන් මහතා,
ගෝඨාභය රාජපක්ෂ මහත්තයාලගේ ප්‍රතිපත්තිය තමයි අධ්‍යාපනය විකුණන ප්‍රතිපත්තිය. ඒ ප්‍රතිපත්තිය මොන විදිහකින් හරි කර ගන්න එක තමයි සැලසුම තියෙන්නේ. නමුත් අපි බොහොම පැහැදිලව කියනවා, ඒ ප්‍රතිපත්තිය පරාජය කරන ක්‍රමය තමයි මේක.
ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා,
එදා අපේ සොහොයුරන් 31 දෙනෙක් උස්සන් ගියා. උසාවියෙන් ඇප දුන්නට පස්සේ උසාවිය ඉස්සරහා අපේ දැඩි විරෝධය මත බස් රථවලට බලහත්කාරයෙන් නග්ගගන, මුලතිව් කැළේ කඳවුරකට ගාල් කරලා නිරෝධායනය කියන නීතියට මුවාවෙලා නිරෝධායන අත්අඩංගුවට අරන් තියෙනවා. අපි කියනවා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට, වීරසේකරගේ පොලීසියට වහාම මේ අපේ සොයුරන් ටික මුදා හැරපල්ලා, මුදා හරින්නේ නැත්නම් මේ අද ආරම්භ කරපු සටන තවත් ඉස්සරහට ගෙනියන්න අපි සූදානම්. අපි ලබන 14 වැනි දා නැවත එනවා කොළඹට, ඒකටත් කන් දෙන්නේ නැත්නම් ලබන 16 නැවතත් එනවා අපි කොළඹට. හොඳයි ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව අපි හැප්පිලා බලමු. උඹලට අපි බය නැහැ. උඹලාගේ තර්ජනවලට, ගර්ජනවලට, මර්දනවලට, අපි බය නැහැ. ඒක කියන්න තමයි අපි පාරට බැස්සේ. පුළුවන් නම් ගනිල්ලා අපි ඔක්කොමල්ලා අත්අඩංගුවට.
කම්කරු අරගල මධ්‍යස්ථානයේ චමීර කොස්වත්ත මහතා,
මෙරට කම්කරුවන්ට ශිෂ්‍යයන්ට පුළුවන්, සයිටම් අරගලයේදී වගේම ආණ්ඩුව දණ ගස්සලා මේ පනත පරාජයට පත් කරලා සටන් කරද්දි, අයිතිවාසිකම් ඉල්ලද්දී, ප්‍රශ්න කතා කරන්න පාරට එද්දි, ජනතාව මර්දනය කරන්න මේ ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. ඒ නිසා අපි කියනවා කොතලාවල පණත අකුලා ගන්න එහෙම නැත්නම් මේ විරෝධතා මීට වඩා බරපතල වෙයි. ඇත්ත ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් සටන් කරන මිනිස්සුන්ව මර්දනය කරන එක නවත්තන්න. නැත්නම් ජනතා සටන් තව ඇවිලිලා මහපාරට එයි.
විරෝධාතාව පැය දෙකක පමණ කාලයක් පැවති අතර පසුව පිරිස සාමකාමිව විසිර ගියහ.
