ජායිපූර් තරුණයින් 11ක් අකුණු සැර වැදී මරුට

සෙල්ෆි ගනිද්දී ජායිපූර් තරුණයින් 11ක් අකුණු සැර වැදී මරුට

by Sagarika Chathumali 12-07-2021 | 3:43 PM

COLOMBO (News1st) :  උතුරු ඉන්දියාවේ ජායිපූර් ප්‍රදේශයේදී අකුණු සැර වැදීමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ.

ඉන්දීය බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, වර්ෂා සහිත අවස්ථාවකදී පිරිස 'අමර්' කොටු පවුර මත පිහිටි කුළුණක් මතට නැග සෙල්ෆි ඡායාරූපයක් ගනිමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බවයි. අකුණු සැර වදින අවස්ථාවේ එහි පුද්ගලයින් 27 දෙනෙකු සිට ඇති බවත් අකුණු සැර වැදීමත් සමග කලබලයට පත් පිරිසක් ඉන් බිමට පැන ඇති බව ද වාර්තා වේ. ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මියගිය බහුතර පිරිස තරණයින් බවයි. තව ද ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා නිවේදනය කර ඇත්තේ, මියගිය පුද්ගලයින්ගේ පවුල් වෙත ඉන්දීය රුපියල් 500,000 බැගින් වන්දි ගෙවීමක් සිදු කරන බවයි.