by Staff writer 12-07-2021 | 11:04 PM
COLOMBO (News 1st) - එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියට යොමු කිරීම සඳහා ලංකා ගුරු සංගමය අද(12) පෙරවරුවේ එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලයට සංදේශයක් භාර දී තිබේ.
සංදේශය සකස් කර තිබුණේ, එම සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ හා උපසභාපති රසිකා හඳපාන්ගොඩ මහත්මියගේ අත්සනින් යුතුවයි.
සිවිල් සමාජයේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින පුද්ලයින්ට සහ මාධ්‍ය නිදහසට මෙරට තුළ අවකාශය සීඝ්‍රයෙන් සිඳි යන බව එම සංදේශයේ සඳහන් ය.