COLOMBO (News 1st) - සිරස මාධ්‍ය ජාලයේ විකාශන බලපත්‍රය සම්න්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයා කළ අනාවරණයට, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙරේදා(10) පිළිතුරු දුන්නේ ය.
ඒ සම්බන්ධව රහසිගතව නෙමෙයි නීතිඥවරු ගෙනාවේ මම. ලංකාවේ ඉන්න ප්‍රබලම නීතිඥවරු කීපදෙනෙක් ගෙන්නුවා. ගෙනැල්ලා කතා කරා. මෙවැනි දෙයක් අපි දකිනවා ඇතැම් නාලිකාවල්වල. ඒ සම්බන්ධව නීතිමය උපදෙස් දෙන්න කියලා. ඒක තමා කරන්න පුළුවන් සාධාරණම හා නීතිගරුකම වැඩපිළිවෙළ. ඒක කරනවා අපි. ඒක කරනවා පමණක් නෙවෙයි ඒ සම්බන්ධව ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවානම් කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ සම්බන්ධව ක්‍රියාත්මක වෙනවා.
එම ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(12) මෙලෙස ප්‍රතිචාර දැක්විය.
කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිතුමා හොඳින් අවබෝධ කරගන්නට ඕන ඒක රහස් සාකච්ඡාවක්ද? විවෘත සාකච්ඡාවක් ද කියන එක ගැන හරියට අර්ථකතනය කරන්න. මං හිතන්නේ මේ රටේ පෙර පාසල් දරුවා වුණත් දන්නවා ඒක රහස්‍ය සාකච්ජාවක් ද නැද්ද කියන කාරනාව. එතුමත් රජයත් දැන ගන්න ඕනේ කාරනාවක් තමයි ඇත්ත වශයෙන්ම ඒ අයගේ කණ්ඩායමෙත් බරපතල කලකිරීම්වලට ලක්වුණු අය ඉන්න නිසා තමයි මේ වගේ රහස් සාකච්ජාවක රහස් සැලැස්මක් එළිදකින්නේ. පැහැදිලිවම මම කියන්න කැමතියි එදා වගකීමෙන් කිව්වා පාර්ලිමේන්තුවේ මෙහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවයි කියලා. ඒක පිළිබඳව මම සියයට 100 ක් වගකීම භාර ගන්නවා කියලා එහෙනම් කෙහෙළිය රඹුක්වැල් මැතිතුමාට නිවේදනයක් දෙන්න තිබුණානේ අපි මෙහෙම දෙයක් ගැන සාකච්ජා කරලා මෙහෙම මෙහෙම තීන්දු තීරණවලට එළඹුණැයි කියලා. මාධ්‍යවලට දෙන්න තිබ්බානේ. දුන්නේ නෑනේ. ඇත්තටම රහස් ව්‍යායාමයක් මාධ්‍ය මර්දනය කරන්නටත් එතුමා බොහොම හොඳින් දන්නවා. විශේෂයේම මම සිරස මාධ්‍ය ජාලය කේන්ද්‍ර කරගෙනයි අදහස් ඉදිරිපත් කළේ, මොකද විශේෂයෙන් සිරස එල්ල කරගෙන සිරසට යම් මර්දනයක් දියත් කරන්නට තමයි පිඹුරුපත් සකස් කරමින් සිටියේ, ඒ කියන්නේ හැමෝම දැනගන්නට ඕනේ විශේෂයෙන්ම සිරස ගැන කතා කරනකොට මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමත්‍ය වෙලා සිටින කාළේ යම් යම් අභියෝග රැසක් එල්ල වුණු අවස්ථාවේ අරලියගහ මන්දිරේට බණ වැඩසටහන ක්‍රියාත්මක කරන්නට ඉදිරිපත් වුණු නාලිකාව. ඒ වගේම මේ රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න එන්නත්කරණ ප්‍රශ්න තෙල් මිල වැඩිවීමේ ප්‍රශ්න මාර්ගගත අධ්‍යාපනයේ ප්‍රශ්න සහන නොලැබීමේ ප්‍රශ්න එක්ප්‍රස් පර්ල් නෙකාවේ පරිසර හානියේ ප්‍රශ්න ධීවර ප්‍රජාවගේ ප්‍රශ්න පොහොර නැතුව ලතවෙන ගොවි ජනතාවගේ ප්‍රශ්න ඒවා ඉදිරිපත් කරන එක හොඳ දෙයක්. මාත් ඉන්නේ ඒවා ඉදිරිපත් කරන්න එතකොට ජනතාව අතර යම් යම් ගැටලු තියෙනකොට මාධ්‍ය ඒවා ඉදිරිපත් කරනකොට ඒ ගැටලු නොදැක්ක ආණ්ඩුවට පුළුවන් ඒ ගැටලු නොදුටු ගැටලු පිළිබඳව එහෙම නැත්නම් අහක බලාගත්ත ගැටලු පිළිබඳව හොඳ ප්‍රතිචාරයක් දක්වලා ඒ ගැටලුවලට ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න ඉතින් ඇත්ත වශයෙන්ම රටේ දේශපාලන මුදලාලිත් දැනගන්න ඕනේ ඒ අයට මැතිසබයට යැව්වේ, ජනතාවට සේවයක් කරන්න, ජනතාව ශක්තිමත් කරන්න එතකොට ඒ දේ සිදු නොවෙනකොට ජනතාව පාරට බහිනවා. ජනතාව පාරට බහිනකොට ජනතාවගේ දුක කියන්න සිරස මාධ්‍ය ජාලය ඇතුළු අනිකුත් මාධ්‍ය ජනතාවගේ දුක ඉදිරිපත් කරනවා කාටවත් අයිතියක් නෑ මේ මාධ්‍ය ආයතන මර්දනය කරන්න. සිරස ආයතනය බෝම්බ ගහලා ඒ කරපු මහා විනාශය, ඒක සියතටත් කළානේ සියත මාධ්‍ය ආයතනයට ඒ දේ මොනම නාලිකාවකටවත් සිදුවෙන්න හොඳ නෑ මේ නිදහස් මාධ්‍ය ගැන ඒදා වගේම අද දවසෙත් ඒ ප්‍රතිපත්තිය අද වගේම ක්‍රියාත්මක කරන්න ඕනේ, විපක්ෂයේ ඉන්නකොට මාධ්‍යවේදීන් සමග හොඳින් හිනාවෙලා කතා කරන්නටයි පිටට අත දාගෙන යන්නයි, මාධ්‍යවේදීන්ගේ කරපිටින් සහ ජනතාවගේ කරපිටින් රාජ්‍ය බලය ලැබුණාම වෙනත් හැසිරීම් රටාවකට යන්නටයි ඒ වගේ දිව දෙකේ ක්‍රියාදමයන් බොහොම අසික්කිතයි. කෙළින් කතා කරලා කෙළින් වැඩ කරන්න ඕනේ. ඒ නිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේ කිව්වානේ මාධ්‍ය මුදලාලිලා කියලා. ජනතාවගේ කරපිටින් පත්වුණු දේශපාලන මුදලාලිලා දැනගන්නට ඕනේ ජනතාවට දුන්නු ඒ පොරොන්දු ටික ඉෂ්ට කරන්න. ඒ නිසා බොහෝම පැහැදිලිව මම කියනවා ඒ හෙළිදරව්ව නිසා ඒ ක්‍රියාත්මක කරන්නට ගිය මර්දන ව්‍යාපාරය තරමක් දුරට නතර උනැයි කියලා අපි හිතනවා ඒ නිසා පැහැදිලිව කියන්නට පුළුවන් මේ රටේ සිරස මාධ්‍ය ඇතුළු සියලුම මාධ්‍යවලට අත තියන්නට වගකිව යුතු විපක්ෂයක් හැටියට අපි ඉඩ තබන්නේ නැහැ. කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමාට මම කියන්න කැමතියි මම බලාගෙන හිටියා එතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා අඩුගානේ සිකුරාදා දවසේ හරි මේක පිළිබඳව ප්‍රකාශයක් කරනවා නම් මං දැක්කා එතුමා මාධ්‍යවලට යම් ප්‍රකාශයක් කරලා තියෙනවා මං එතුමාට කියන්න කැමතියි එතුමා ඇත්ත වශයෙන්ම අපිත් එක්ක ඉන්නකොට තමයි එවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්තයාට අර බණ වැඩසටහන ක්‍රියාත්මක කළේ. ඒ වෙලාවේ එතුමා හිටියේ අපිත් එක්ක ඒක හිතන්නේ මාධ්‍ය මර්දනය කියන වැඩපිළිවෙළ මේ සිලාචාර ශිෂ්ට සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයේ සිදු නොවිය යුතු දෙයක්. කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමාත් අවබෝධ කරගන්නට ඕනේ එතුමා ඉන්නේ මේ රටේ මාධ්‍ය ක්ෂෙත්‍රයේ ආරක්ෂකයා හැටියට මාධ්‍ය මර්දනයේ කප්පිත්තා හැටියට නෙවෙයි, එතුමා කටයුතු කළ යුත්තේ අද එතුමාගේ හැසිරීම් රටාව දිහා බැලුවාම අපිට පෙනෙන්නේ අන්න ඒ අකාරයට. ඒ වගේම මාධ්‍යත් විශ්වාස කරනවා හැම වෙලාවෙම ස්වයං විවේචනයකට ලක්කරගෙන නිවැරදි පිරිසිදු ප්‍රවෘත්ති වාර්තාකරණය ඒක මාධ්‍ය කරන්නට ඕනේ. ඒක මාධ්‍යයේ වගකීම අපිට යන්නට බෑ මේ මාධ්‍යට ඇඟිලි ගහලා මාධ්‍ය පාලනය කරන්න මාධ්‍යටත් වගකීමක් තියෙනවා නිදහස්ව නිවහල්ව ප්‍රජාතන්ත්‍රවාදීව නිවැරදිව ප්‍රවෘත්ති රටේ ජනතාවට ලබා දෙන්න මට හැඟුණු අකාරයට මට තේරුණු අකාරයට කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමා මාධ්‍ය වාර්තාකරණයේ වැරදි භාවයක් මුදුන්පත්කරගෙන තමයි එදා මාධ්‍යවලට අදහස් ඉදිරිපත් කළේ මට කියන්න මේ රටේ ජනතාවට එන්නත් ලබා දීමේ ක්‍රියාවලිය හරියට ක්‍රියාත්මක කරන්නේ නැතුව මාධ්‍ය සම්බන්ධ කරගෙන අර නටපු පැණි නාඩගම, ජනතාවට එදා ඒ කරපු බොරුවට මොකක්ද අරගන්න පියවර ඒ ඒ මාධ්‍ය ආයතනවලට මෙලෝ දෙයක් කරන්නේ නැහැනේ බොරු පැණියක් කියලා මේ පැණිය තමයි කොරෝනාවට තියෙන එකම විසඳුම කියලා එන්නත්කරණ වැඩසටහන බාල්දු කරලා එන්නත් අවශ්‍ය නැතෙයි කියලා බොරු මතයක් පළ කරලා එන්නත් ගෙන්නන ක්‍රියාවලිය රටේ න්‍යාය පත්‍රයෙන් පහළටම දැම්ම නිසා අද දුක් විදින්නේ රටේ ජනතාව පැහැදිලිවම මම අහන්න කැමතියි රජයේ මාධ්‍ය ක්ෂේත්‍රයේ භාර මුදලාලිගෙන් මොනවද අද පැණිය පිළිබඳව රටට බොරු කියපු මොනවද ඒ මාධ්‍යවලට කියන්නේ මොනවද ඒවට ගන්න පියවර ඒවට මොනවත් පියවර ගන්නේ නෑ මේ පොහොර ප්‍රශ්නය ගැන මාර්ගගත අධාපනය පිළිබඳ ප්‍රශ්නය එස්ප්‍රස් පර්ල් නෞකාවේ සිදු වුණු පරිසර විනාශය ධීවර ප්‍රජාවට සිදු වුණු ඒ මහා විනාශය ගොවියට සිදුවන විනාශය එන්නත් කරණයක් හරියට ක්‍රියාත්මක නොවීම ඒ වගේම සහන පැකෙජයක් රටේ ජනතාවට හරියාකාරව නොලැබීම ඒ ගැන කතා කරනකොට ඒවා නුසුදුසුයි එහෙම කරන්න හොඳ නෑ ඒක වැරදියි ඒ වැරදි වළක්වාලන්නට සමගි ජන බලවේගය මේ රටේ නූතන ප්‍රගතිශීලි විපක්ෂය හැටියට සෙසු විපක්ෂයේ කණ්ඩායම් සමග එකට නැගී සිටිනවයි කියන එක මම කියන්නට කැමතියි.