by Staff writer 12-07-2021 | 9:32 PM
COLOMBO (News 1st) - කොළඹ කොටස් වෙළෙඳපොළ(CSE - Colombo Stock Exchange) ඩිජිටල්කරණයේ දෙවන අදියර පසුගිය දා ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.
ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ඩිජිටල්කරණයේ පළමු අදියර පසුගිය සැප්තැම්බර් මාසයේ ආරම්භ විය.
ඒ සමග නව ආයෝජකයින් 65,000 ක් ඉක්මවමින් නව මධ්‍යම තැන්පතු ක්‍රම ගිණුම් 17,000 ක් විවෘත කෙරුණු බව කොටස් වෙළෙඳපොළ අධිකාරිය පෙන්වා දෙයි.
ඩිජිටල්කරණයත් සමග ආයෝජකයින්ට ඕනෑම තැනක සිට සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාත්‍රයෙන්ම ගනුදෙනු කළ හැකි වීම මාසික ප්‍රකාශන ලබා ගැනීම, තොරතුරු හුවමාරුව හා වෙනස් කිරීම මෙන්ම දේශීය සමාගම්වලට ගිණුම් විවෘත කිරීමේ අවස්ථාව හිමිවේ.