by Staff writer 12-07-2021 | 8:20 PM
COLOMBO (News 1st): කෙරවළපිටිය, යුගදනවි විදුල බලාගාරයේ සියයට 40 ක රජය සතු කොටස් මිලදී ගැනීමට සාකච්ඡා කරමින් සිටින බව නිව් ෆෝට්රෙස් එනර්ජි නමැති අමෙරිකානු සමාගම අනාවරණය කරයි.
ඔවුන් පවසන්නේ, දැනටමත් කෙරවලපිටියේ ඉදිකර ඇති මෙම බලාගාරය සඳහා ස්වභාවික ද්‍රව වායු හෙවත් එල්.එන්.ජී. සැපයීමට මූලික ගිවිසුමකට එළැඹ ඇති බවය.
කෙරවලපිටිය, යුගදනවි විදුලි බලාගාරයේ බහුතර කොටස්වල වත්මන් හිමිකාරිත්වය දරන්නේ විදුලිබල මණ්ඩලයට අයත් උප සමාගම් සහ මහා භාණ්ඩාගාරයයි.
ද්විත්ව චක්‍ර බලාගාරයක් ලෙස මෙය ඉදිකර ඇති අතර දැනට එය ක්‍රියාත්මක බැර ඉන්ධන යොදා ගනිමින් ක්‍රියාත්මක වේ.
අමෙරිකාවේ නිව් ෆෝට්රෙස් එනර්ජි සමාගමේ වෙබ් අඩිවියේ සඳහන් වූයේ කොළඹ නගරයේ වෙරළින් පිටත ඉදිකරන පර්යන්තයක් යොදගෙන මෙම විදුලි බලාගාරයට එල්.එන්.ජී. ගබඩා කිරීම සහ සැපයීම සිදු කිරීමට සැලසුම් කර ඇති බවය.
දැනට මෙම බලාගාරෙයෙන් මෙගවොට් 300 ක් ජාතික පද්ධතියට එක් කරන අතර 2025 වනවිට එල්.එන්.ජී. යොදාගෙන නිපදවන විදුලිය ධාරිතාව මෙගවොට් 1000 ක් දක්වා පුළුල් කිරීමට යෝජිතයි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම එල්.එන්.ජී.පර්යන්තය සදහා කරන ආයෝජනය පිරිසිදු බලශක්ති උත්පාදනයට මෙන්ම තිරසර සංවර්ධනයටත් ආර්ථිකයේ පිබිදීමකටත් උරදෙනු ඇතැයි අමෙරිකාවේ නිව් ෆෝට්රෙස් එනර්ජි සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වෙස් ඊඩින් මහතා පවසයි.