බාලවයස්කාර දැරිය අපයෝජනය: තවත් දෙදෙනෙකු කොටු..

බාලවයස්කාර දැරිය අපයෝජන සිද්ධිය: බැංකු කළමනාකාරවරයෙකු හා පොලිස් නිලධාරියෙකුත් අත්අඩංගුවට

by Staff writer 11-07-2021 | 4:04 PM

COLOMBO (News1st ) –  15 හැවිරිදි බාල වයස්කාර දැරියක් ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ හිටපු බැංකු කළමනාකාරවරයෙකු හා තවත් පොලිස් නිලධාරියෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි බවයි. මේ අතර එම දැරියගේ දුරකතන දත්ත විශ්ලේෂණ වාර්තා අනුව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. 15 හැවිරිදි එම දැරිය දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි. මේ අතර ලිංගික කටයුතු සඳහා ළමුන්, කාන්තාවන් අලෙවි කරන (කුට්ටනය) කරන වෙබ් අඩවි පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදු කර එවැනි වෙබ් අඩවි තහනම් කර ඒවායේ හිමිකරුවන් සහ දැන්වීම් පළ කළ පුද්ගලයින්ට එරෙහිව නීතිය කියාත්මක කිරීමට පසුගියදා (05) පැවති සාකච්ඡාවකදී තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.