ඉතියෝපියා අගමැති මහ මැතිවරණයෙන් වාර්තාගත ජයක්

ඉතියෝපියා අගමැති අභී අහමඩ්ට මහ මැතිවරණයෙන් වාර්තාගත ජයක්

by Staff writer 11-07-2021 | 10:41 AM

COLOMBO (News 1st) - ඉතියෝපියා අග්‍රාමාත්‍ය අභී අහමඩ්, මහ මැතිවරණයෙන් වාර්තාගත ජයග්‍රහණයක් ලබාගෙන තිබේ.

ඒ, පාර්ලිමේන්තුවේ ආසන 436න් 410ක් ජයග්‍රහණය කරමිනි. ඒ අනුව ඉදිරි පස් වසරක කාලයේ ද, ඔහු ඉතියෝපියාව පාලනය කරනු ඇති. ටිග්‍රේ කලාපයේ ගැටුම් සමග පුද්ගලයින් පන් ලක්ෂයකට අධික පිරිසක් සාගතයකය ගොඳුරු වී ඇති පසුබිමකදී මෙවර ඉතියෝපියා මැතිවරණය පැවැත්විය. අනාරක්ෂිත බව සහ සැපයුම් ගැටලු හේතුවෙන් එරට ජනගහනයෙන් පහෙන් එකකට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවූයේ නැහැ. ජයග්‍රහණයෙන් අනතුරුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් නොබෙල් සාම ත්‍යාගලාභී අභී අහමඩ් සඳහන් කළේ, මැතිවරණ ප්‍රතිඵලය ඓතිහාසික බවය. ලබන ඔක්තෝබර් මාසයේදී නව ආණ්ඩුව පිහිටුවන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.