තවත් කොරෝනා ආසාදිත මරණ 33ක්

මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 33ක් වාර්තා වෙයි..

by Staff writer 10-07-2021 | 6:45 PM

COLOMBO (News 1st) - මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 33ක් වාර්තා වී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (09) තහවුරු කරන ලද මෙම මරණ අතුරින් 19 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 14 දෙනා කාන්තාවන් වේ. වයස අවුරුදු 30 ට අඩු එක් කාන්තාවක් මිය ගිය පිරිස අතර සිටී. මිය ගිය පිරිස අතර වයස අවුරුදු 30 – 59 අතර වයස්වල පසු වූ මරණකරුවන් 05 දෙනෙකු සිටින අතර ඉතිරි 27 දෙනාම වයස අවුරුදු 60 සහ ඊට වඩා වැඩි වයස්වල පසුවූවන් ය.