by Staff writer 10-07-2021 | 8:02 PM
COLOMBO (News 1st): පවතින වැසි සහිත කාලගුණයත් සමග ගාල්ල, කළුතර, කෑගල්ල, මහනුවර, මාතර, කොළඹ, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.
ඒ අනුව,
?කොළඹ දිස්ත්‍රික්කය - සීතාවක, පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ
?ගාල්ල දිස්ත්‍රික්කය - නෙළුව, ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ
?මාතර දිස්ත්‍රික්කය - පිටබැද්දර, අකුරුස්ස, මුලටියන, අතුරලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ
?කළුතර දිස්ත්‍රික්කය - පාලින්දනුවර, වලල්ලාවිට, අගලවත්ත, මතුගම, බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ
?මහනුවර දිස්ත්‍රික්කය - ඟග ඉහළ කෝරලය, පස්භාගේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ
?කෑගල්ල දිස්ත්‍රික්කය - යටියන්තොට, දෙහිඕවිට, රුවන්වැල්ල, දැරණියගල, බුලත්කොහුපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ
?නුවරඑළිය දිස්ත්‍රික්කය - අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
?රත්නපුර දිස්ත්‍රික්කය - ඇහැලියගොඩ, කොලොන්න, නිවිතිගල, කුරුවිට, කහවත්ත, කලවාන, ඉඹුල්පේ, රත්නපුර, අයගම, ගොඩගම සහ ඇලපත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට නායයෑම් අනතුරු ඇගවීම් නිකුත් කෙරිණි.