COLOMBO (News 1st): පසුගියදා සිදු කළ අමාත්‍යාංශ විෂය පථ සංශෝධනය පිළිබදව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් අද මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේය.
ප්‍රශ්නය - ඔබතුමා විශාල කාර්යභාර්යක් කළා කාබනික පොහොර නිෂ්පාදනය සම්බන්ධයෙන් දැන් පෙරේදා වෙනකොට කාබනික විෂය ඔබතුමාගෙන් ගලවනවා. ඒ ඇයි?
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා
කිසිම ගැලවීමක් කරලා නැහැ. ඔබතුමා නොදැනුවත්ව කතා කරන්නේ. අමාත්‍යාංශයේ විෂය භාර අමාත්‍යවරයා මම. කලිනුත් කාබනික පොහොර සඳහා වෙනම අමාත්‍යවරයෙක් හිටියා. ඒ කාබනික පොහොර කියන විෂය ශෂේන්ද්‍ර රාජපක්ෂ ඇමතිතුමාට දීලා, මොහොන් ද සිල්වා මැතිතුමාට වෙන එකක් ලැබුණා. ශෂේන්ද්‍ර රාජපක්ෂ ඇමතිතුමාගේ තියෙන අමාත්‍යාංශ 04ක් කෘෂිකර්ම අමාත්‍යාංශයට නැවතත් ලැබුණා. ඒ අනුව අමාත්‍යාංශය තුළ ප්‍රතිව්‍යුහගත කිරීමක් කළේ. ඒ අනුව මගේ අමාත්‍යාංශය යටතේ තමයි කෘෂිකර්ම අමාත්‍යාංශය තියෙන්නේ. කිසිදු ගැලවීමක් නැහැ.