කොවිඩ් පනත ගැන විජයදාස කියන කතාව

කොවිඩ් මර්දනයට වැඩිය ජනතා මතය මර්දනයට පනත යොදා ගනිවි කියලා සමාජ භීතිකාවක් තියෙනවා - විජයදාස රාජපක්ෂ

by Staff writer 10-07-2021 | 10:04 PM

COLOMBO (News 1st) - කොවිඩ්-19 වසංගත තත්ත්වය පවතින විට කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධ විධිවිධාන ඇතුළත් කොරෝනා වෛරස් රෝග (කොවිඩ්-19) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පත හරහා මර්දනයක් දියත් වනු ඇති බවට සමාජ භීතිකාවක් මතුව ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

බ්‍රිතාන්‍ය පාලන සමයේ 1897 අංක 3 දරණ නිරෝධායන ආඥා පනත අපේ රටේ පනවලා තිබෙනවා. දැන් එය අවුරුදු 124 වගේ කාලයක් පැවතුණත් ඒක ක්‍රියාත්මක උනේ මේ වගේ වසංගත කාලයක් තියෙන කාලයකදී විතරයි. මේ කොවිඩ් වසංගතය ආරම්භ වුණ අවස්ථාවේ පටන්ම අපේ රටේ ඒ නීතිය ක්‍රියාත්මක වුණා ඒ නීති ප්‍රමාණවත් වුණා මේ රටේ මේ වසංගතය ව්‍යාප්ත වීම අවම කර ගැනීම සඳහා. ඒ සඳහා තවත් නීතිය දැඩි කිරීමේ අවශ්‍යතාවය මත අපේ අටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පරිභාහිරව තිබෙන විදේශ රටවල්වලට අදාළ නීතිත් ක්‍රියාත්මක කිරීම සඳහා යම් උත්සාහයක් දරලා තියෙනවා. නමුත් ස්වෛරී රටක් විදිහට එවැනි නීතියක් සම්මත කිරීමට මේ පාර්ලිමේන්තුවට බලයක් නැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණය අනුව අපිට පැහැදිලි වෙන්නේ කෝවිඩ් වසංගතය මර්දනය කිරීමේ පරිමාව ඉක්මවා ගියපු විෂය පථයට පරිභාහිර ලෙස, දැඩි නීති තත්ත්වයක් ගෙන එන්න තමයි කටයුතු කරලා තියෙන්නේ මේ පිළිබඳ විශාල සමාජ භීතිකාවක් තියෙනවා මේ හරහා කෝවිඩ් 19 වසංගතය මර්දනයට වැඩිය ජනතා මතය මර්දනය කිරීම සඳහා මෙය යොදා ගනී කියලා.