නැවේ දේශීය නියෝජිත ආයතනයේ 07දෙනාට ඇප

එක්ස්ප්‍රස් පර්ල් නැවේ දේශීය නියෝජිත ආයතනයේ නිලධාරීන් 07 දෙනාට ඇප

by Staff writer 10-07-2021 | 6:40 PM

COLOMBO (News 1st) - ගිනි ගැනීමට ලක් වූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හිමි සිංගප්පූරු සමාගමේ දේශීය නියෝජිත ආයතනයේ නිලධාරීන් 07 දෙනා ඇප මත මුදා හැරිණි.

ඒ, සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි. රුපියල් 25,000 බැගින් වූ ශරීර ඇප මත සැකකරුවන් මුදා හැරීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. සමුද්‍රීය දූෂණ වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) විසින් එම සැකකරුවන් අද(10) අත්අඩංගුවට ගනු ලැබිණි. මේ අතර අදත් දිවයිනේ වෙරළ තීරයන් කිහිපයකටම ගිනි ගැනීමට ලක්වූ එක්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ බවට සැලකෙන ප්ලාස්ටික් කොටස් සහිත මලු කිහිපයක් ගොඩ ගසා තිබුණි.