හුදකලා ප්‍රදේශවල වෙනසක්..

හුදකලා ප්‍රදේශවල වෙනසක්..

හුදකලා ප්‍රදේශවල වෙනසක්..

කර්තෘ Staff writer

10 Jul, 2021 | 7:36 am

COLOMBO (News 1st) – ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කර ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව, කෑගල්ල පොලිස් වසමේ මලවිට ග්‍රාම නිලධාරී වසමේ ගෝලින්දවත්ත 03 කොටස හුදකලා කර තිබේ.

මීට අමතරව මෙතෙක් හුදකලා තත්ත්වයේ පැවති ප්‍රදේශ කිහිපයක් හුදකලා තත්ත්වයෙන් ඉවත් කෙරිණි.

ඒ අනුව, පුත්තලම දිස්ත්‍රික්කයේ මාදම්පේ පොලිස් වසමේ මරක්කලම

ආරච්චිකට්ටුව පොලිස් වසමේ කුරුක්කුපානේ යන ප්‍රදේශ හුදෙකලා බවින් ඉවත් කෙරිණි.

මාතර, වැලිගම පොලිස් වසමේ පැලෑන දකුණ ප්‍රදේශයේ හුදෙකලා තත්ත්වය ද, මේ වනවිට ඉවත් කර තිබේ.

මීට අමතරව, යාපනය කරවෙඩ්ඩි පොලිස් වසමේ කරණවායි ප්‍රදේශය ද, හුදෙකලා බවින් අද උදෑසන ඉවත් කෙරිණි.

කළුතර, මතුගම පොලිස් වසමේ යටදොල නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ අබේතැන්න වත්ත ප්‍රදාන කොටස සහ අබේතැන්න වත්ත ක්ලේ කොටස ද, හුදකලා බවින් නිදහස් කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]