සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව වෙනස් වෙයි: පළාත් අතර සංචරණ සීමා කිරීම් තවත් දින 14 කින් දීර්ඝ කෙරේ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

කර්තෘ Staff writer

10 Jul, 2021 | 9:56 am

COLOMBO (News 1st) – දැනට පවතින සංචරණ සීමාවන් අද(10) සිට ක්‍රියාත්මකවන පරිදි තවදුරටත් ලිහිල් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කෙසේ වෙතත් දැනට පවතින අන්තර් පළාත් සංචරණ සීමා කිරිම් තවදුරටත් දින 14ක් සඳහා නොවෙනස්ව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව මාර්ගෝපදේශ නිකුත් කරනු ලැබ තිබේ,

ඒවාට අනුව,

අවමංගල්‍යයකදී දේහය මුදාහැර පැය 24ක් ඇතුළත අවසන් කටයුතු කළ යුතු අතර සහභාගි විය හැකි පුද්ගලයින් සංඛ්‍යාව 50කි.

මංගල උත්සව සඳහා අවසර පවතින නමුත්, ශාලාවේ ආසන සංඛ්‍යාවෙන් 25% ක් හෝ සහභාගි විය හැකි උපරිම පිරිස 150කි.

පූජනීය ස්ථාන විවෘත කිරීමට අවසර දී ඇත.

කර්මාන්ත ශාලා එනම්, ඇඟළුම් හා අනෙකුත් කර්මාන්ත විවෘතව පවතී.

ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබූ සම්පූර්ණ නව මාර්ගෝපදේශ මාලාව පහතින් දැක්වේ.

උණුසුම් පුවත්

අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]