by Hashini De Mel 09-07-2021 | 9:32 PM
COLOMBO (News 1st) - අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය (A/L Exam) ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, ළමුන් සියයට අඩුවෙන් සිටින පාසල් අගෝස්තු මාසයේ විවෘත කිරීමට ද අපේක්ෂා කරන බවයි.
උසස් පෙළ විභාගය පැවැත්වීමේ දින සම්බන්ධව මත 02ක් ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.
ප්‍රථම වරට උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් දළ වශයෙන් දෙලක්ෂයක පමණ ප්‍රමාණයක් සිටින අතර දෙවන වරට පෙනී සිටින දරුවන් 150,000 ක් පමණ සිටින බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසිය.
එබැවින්, මෙයින් ප්‍රථම වරට විභාගයට පෙනී සිටින සිසුන්ගේ ඉල්ලීම වන්නේ විෂය මාලා සම්පූර්ණ කිරීමට අපහසු වී තිබෙන බැවින් විභාගය කල් දැමීම යෝග්‍ය බවය.
නමුත් දෙවන වරට විභාගයට පෙනී සිටින දරුවන්ගේ ඉල්ලීම වන්නේ, ඔක්තෝම්බර් මාසයේ ම ප්‍රමාදයකින් තොරව විභාගය පවත්වන ලෙසය.
ඒ හේතුවෙන් මේ සම්බන්ධයෙන් සාධාරණ තීරණයක් ගැනීමට සිදුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා වැඩිදුරටත් සදහන් කළේය.