by Staff writer 09-07-2021 | 9:38 PM
COLOMBO (News 1st) - 15 හැවිරිදි බාල වයස්කාර දැරියක් ලිංගික අපයෝජනය කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් සිව්දෙනෙකු අද ඇප මත මුදා හැර තිබේ.
එම අය වන්නේ, මිහින්තලය ප්‍රාදේශීය සභාවේ උප සභාපති, විශේෂඥ වෛදවරයා හා කෝටිපති ව්‍යාපාරිකයින් දෙදෙනායි.
දැඩි ඇප කොන්දේසි මත ඔවුන් මුදා හරින බවට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය ප්‍රකාශ කළා ය.
මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ට අවවාද කළේ, ඒ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට හෝ සාක්ෂිකරුවන්ට කිසිදු බලපෑමක් නොකරන ලෙසටයි.
ඒ අනුව රුපියල් 25,000 බැගින් වූ මුදල් හා රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප 08 ක් මත එම සැකකරුවන් සිව්දෙනා මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය.
මේ අතර එම සැකකරුවන් 04 දෙනා අද අධිකරණය හමුවේ පැවති හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී වින්දිත දැරිය විසින් හඳුනා ගෙන තිබුණි.
ඔවුන් සිව්දෙනා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන අවසන් බව විමර්ශන නිලධාරීන් පැවසීමෙන් අනතුරුව තවදුරටත් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම නුසුදුසු බව නිගමන කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ නීතිඥවරුන් කළ ඉල්ලීම සලකා බලා එම නියෝගය කළා ය.
නඩුව අගෝස්තු 19 වැනි දා යළි කැඳවීමට නියමිතය.