බැසිල් යටතේ තිබූ විෂයන් කිහිපයක් මහින්ද යටතට

බැසිල් යටතේ තිබූ විෂය පථයන් කිහිපයක් අගමැති මහින්ද යටතට

by Staff writer 09-07-2021 | 10:20 AM

COLOMBO (News1st) : මුදල් අමාත්‍යාංශය සහ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ විෂය පථය තවදුරටත් සංශෝධනය කරමින්, අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ය. නිකුත් කෙරුණු නව ගැසට් නිවේදනයට අනුව, මුදල් අමාත්‍යාංශ විෂය පථයට අයත්ව තිබූ බෞද්ධ පුනරුද අරමුදල, බුද්ධ ශාසන අරමුදල සහ මධ්‍යම සංස්කෘතික අරමුදල, ඊයේ (08) ස්ථාපිත ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතට පත් කර තිබේ. මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කරන අතර ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරනු ලැබේ.