බංග්ලාදේශයේ කර්මාන්ත ශාලාවක ගින්නකින් 52ක් මරුට

බංග්ලාදේශයේ කර්මාන්ත ශාලාවක ගින්නකින් 52ක් මරුට

by Staff writer 09-07-2021 | 7:15 PM

COLOMBO (news 1st) - බංග්ලාදේශයේ කර්මාන්ත ශාලාවක හටගත් ගින්නකින් මිය ගිය සංඛ්‍යාව 52 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බංග්ලාදේශයේ කාර්මික නගරයක් වන රුප්ගන්ජ් හි ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගින්න හටගෙන ඇති බවය. ඊයේ පස්වරුවේ හටගත් ගින්නෙන් පුද්ගලයින් 30 දෙනකුට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ. ගින්න නිවීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවන බව එරට මාධ්‍ය වාර්තා කළේය.