ගල් වලකට වැටී පුද්ගලයින් දෙදෙනෙකු මරුට

නවගමුවේ ගල් වලකට වැටී පුද්ගලයින් දෙදෙනෙකු මරුට

by Staff writer 09-07-2021 | 3:25 PM

COLOMBO (News 1st) - නවගමුව, වෑක්කිවත්ත ප්‍රදේශයේ ගල් වලකට වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, අවුරුදු 41 සහ 42 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු එලෙස මියගොස් ඇති බවය. අඩි 150 ක් පමණ ගැඹුරු ගල් වලකට වැටීමෙන් ඔවුන් එලෙස මියගොස් තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.