තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

by Staff writer 09-07-2021 | 5:35 PM

COLOMBO (News 1st) - මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුරු, උතුරු-මැද වයඹ සහ දකුණු පළාත්වල මෙන්ම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ද විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා තද සුළං ඇති විය හැකි බවය. බස්නාහිර වෙරළ බඩ ප්‍රදේශවලට ද තද සුළං ඇති විය හැකියි. මේ අතර බස්නාහිර, සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.