"ජනාධිපතිවරයා සමාව ගත යුතුයි"

"ජනාධිපතිවරයා සමාව ගත යුතුයි: මේක අපේ රටට මහා විශාල කළු පැල්ලමක්" - කිර්ති සිරිප්‍රනාන්දු පියතුමා

by Staff writer 09-07-2021 | 9:48 PM

COLOMBO (News 1st) - ඊයේ පැවති උද්ඝෝෂණවලදී සිදු වූ විවිධ සිදුවීම්, අපේ රටට මහා විශාල කළු පැල්ලමක් බව ලංකා සභාවේ කුරුණෑගල රදගුරු වසමේ කිර්ති සිරිප්‍රනාන්දු පියතුමා පවසයි.

කිර්ති සිරිප්‍රනාන්දු පියතුමා මේ බව පැවසුවේ, අද පැවති මාධ්‍ය හමුවකදීය.
අපි දැක්කා ඊයේ දවසේ මනුස්සයන්ගේ කතා කිරීමේ නිදහස යම් ආකාරයකින් තීරණාත්මක අවස්ථාවකට යොමුවුණා. රජය විසින් අපට කිව්වේ නිරෝධායන නීති හින්දා ඒක සිද්ධ වුණා කියලා. අපි දැක්කා රටේ අනෙකුත් ස්ථානවල ප්‍රියසම්භාෂණ හා උද්ඝෝෂණ පැවැත්වුණා. මීට වඩා මින්ස්සු ඒකරාශි වුණා. මේ කියපු දේ පදනමක් නැහැ. ඒ වගේම නිරෝධායනය වුණත් අපි දන්නවා ඕනම කෙනෙකුට ඒ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා. ඒක මහා විශාල ආකාරයෙන් තර්ජනයට ලක්වුණා ඊයේ දවසේ. ඒ එක්කම අසෝභන සිද්ධීන් අපි දැක්කා. ස්වාමීන් වහන්සේලාට සලකපු හැටි තරුණ කාන්තාවන්ට සලකපු හැටි. වෙන එකක් තියා මම හිතන්නේ අපි මේ සම්බන්ධයෙන් ලැජ්ජ වෙන්න ඕනේ. මුළු ලෝකයම මේක දැක්කා. ඒ නිසා මම ඉතාම කරුණාවෙන් අපේ රටේ ප්‍රධාන පුරවැසියා වන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා මේකට සමාව ඉල්ලන්න කියලා. මොකද මේක අපේ රටට මහා විශාල කළු පැල්ලමක්.