BREAKING : බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

by Staff writer 08-07-2021 | 10:01 AM

COLOMBO (News1st) :  බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ බැසිල් රාජපක්ෂ මහතා නව මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බවයි. මේ අතර අමාත්‍යංශ විෂය පථ සංශෝධනයත් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ. අද (08) නිකුත් වූ ගැසට් නිවේදනයට අනුව මුදල් අමාත්‍යංශයට අයත් විෂය පථයන් මෙසේයි. ? භාණ්ඩාගාර කටයුතු ? රාජ්‍ය ආදායම් කළමනාකරණ කටයුතු ?බැංකු මූල්‍ය හා ප්‍රාග්ධන වෙළඳපොළ ප්‍රතිපත්ති හා නියාමන කටයුතු ?අරමුදල් ප්‍රතිපාදන කටයුතු එම කටයුතු යටතේ අයත් වන දෙපාර්තමේන්තු හා ආයතන මෙසේයි.

භාණ්ඩාගාර කටයුතු යටතේ,

?  මහා භාණ්ඩාගාරය ? රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව ? ජාතික අයවැය දෙපාර්තමේන්තුව ? කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව ?විදේශ සම්පත් දෙපාර්තාමේන්තුව ?රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව ?භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව ?රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව ?වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව ?තොරතුරු හා තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව ?නීති කටයුතු දෙපාර්තමේන්තුව ?කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව ?සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව

රාජ්‍ය අදායම් කළමනාකරණ කටයුතු යටතේ,

?දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ?ශ්‍රී ලංකා රේගුව ?සුරාබදු දෙපාර්තමේන්තුව ?ජාතික ලොතරැයි මණ්ඩලය ?සංවර්ධන ලොතරැයි මණ්ඩලය ?ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව

බැංකු මූල්‍ය හා ප්‍රාග්ධන වෙළඳපොළ ප්‍රතිපත්ති හා නියාමන කටයුතු යටතේ ,

?ශ්‍රී ලංකා මහ බැංකුව ?සියලුම රාජ්‍ය බැංකු, මූල්‍ය රක්ෂණ හා ඒ්වායේ පාලිත සමාගම් හා අනුබද්ධ සමාගම් ?ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය ?ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා එහි පාලිත සමාගම් සහ අනුබද්ධ සමාගම් ?ණය තොරතුරු කාර්යංශය ?සමාගම් රෙජිස්ටර් දෙපාර්තමේන්තුව ?ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම ?ශ්‍රී ලංකා  අපනයනය ණය රක්ෂණ සංස්ථාව

අරමුදල් ප්‍රතිපාදන යටතේ,

?ලෝහාර් ආර්යා අරමුදල ?වර්ජන, කෝලහල, සිවිල් කලබල හා ත්‍රස්තවාදය පිළිබඳ අරමුදල ?ජාතික රක්ෂණ භාර අරමුදල ?සේවා නියුක්තිකයින්‌ගේ භාරකාර අරමුදල ?ශ්‍රම වාසනා‌ අරමුදල ?ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල ?වකුගඩු අරමුදල ?තේ ශක්ති අරමුදල ?කප්රුක අරමුදල ?රාජ්‍ය සේවා නිෂ්පාදකයින්ගේ භාර අරමුදල ?බුද්ධ ශාසන අරමුදල ?බෞද්ධ පුනරුද අරමුදල ?සීමාසහිත නිපුණතා සංවර්ධන අරමුදල ?දේශීය ණය සහ සංවර්ධන අරමුදල ?නිමැයුම්කරුවන්ගේ අරමුදල ?තුරුසවිය අරමුදල ?මධ්‍යම සංස්කෘතික අරමුදල