සාගර කාරියවසම්ට අලුත් තනතුරක්..

පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්ට අලුත් තනතුරක්..

by Staff writer 08-07-2021 | 8:05 PM

COLOMBO (News 1st) - පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා, ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරයට පත් කර තිබේ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ, මීට පෙර ජයන්ත කැටගොඩ මහතා එම ධුරය දැරූ අතර ඔහු මන්ත්‍රී අසුනෙන් ඉල්ලා අස්වීම නිසා කාරියවසම් මහතා එම ධුරයට පත් කළ බවයි.