by Staff writer 08-07-2021 | 5:51 PM
COLOMBO (News 1st) - දිවයිනේ නිරිත දිග කොටසේ වැසි හා දිවයින හරහා සුළං තත්ත්වයේ වැඩිවීමක් හෙට(09) සහ අනිද්දා(10) දිනවල අපේක්ෂා කරන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත් වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකියි.
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා තද සුළං ද ඇති විය හැකියි.
උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට හමන පැයට කිලෝමීටර් 50 දක්වා තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.