ටෝකියෝ නුවරට හදිසි තත්ත්වයක්..

ටෝකියෝ නුවරට හදිසි තත්ත්වයක්..

by Staff writer 08-07-2021 | 10:04 PM

News 1st - කොරෝනා අවදානම හමුවේ ජපානයේ ටෝකියෝ නුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එරට අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා විසින් හදිසි තත්ත්වය අද(08) සිට අගෝස්තු 22 වැනි දා දක්වා ප්‍රකාශ කර ඇති බවයි. ඒ, අද කොරෝනා ආසාදිතයින් 896 දෙනෙකු ටෝකියෝ නගරයෙන් හඳුනා ගන්නා පසුබිමකදී ය. ඒ අනුව මත්පැන්හල්, අවන්හල් සහ වෙළෙඳසැල් වසා දමන ලෙස රජය ඉල්ලා තිබේ. ටෝකියෝ වැසියන්ට නිවසින් බැහැරට නොයන ලෙස ද දැනුම් ඇතැයි සඳහන් ය. ජපානයේ ජනගහනයෙන් හතරෙන් එකකට මේ වනවිට කොරෝනා මර්දන එන්නත ලබා දී තිබේ. මේ අතර ලබන 23 වැනි දා ආරම්භ වන ටෝකියෝ ඔලිම්පික් උළෙල ආගෝස්තු 08 වැනි දා තෙක් පැවැත්වේ. ඒ අනුව ඔලිම්පික් උළෙල ක්‍රීඩා ලෝලීන් නොමැතිව හදිසි තත්ත්වය යටතේ පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.