සමන්ත සහ නාමල් පොලීසියට භාර වෙයි

සමන්ත විද්‍යාරත්න සහ නාමල් කරුණරත්න පොලීසියට භාර වෙයි

by Staff writer 07-07-2021 | 10:30 AM

COLOMBO (News 1st) - ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණරත්න යන මහත්වරුන් බෝගහකුඹුර පොලීසියට භාර වී තිබේ.

ඒ, නීරෝධායන නීති උල්ලංඝණය කරමින් බණ්ඩාරවෙල, බොරලන්ද ප්‍රදේශයේ විරෝධතාවක නිරත වීම යන චෝදනාව මත ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක වීම හේතුවෙනි. පොලීසිය පැවසුවේ, සැකකරුවන් අද වැලිමඩ අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවය. පසුගිය 01වැනිදා අදාළ විරෝධතාවට එක්වූ තවත් පුද්ගලයින් 05දෙනෙකු ද නිරෝධායන නීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන වැලිමඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරිණි.