by Sagarika Chathumali 06-07-2021 | 5:19 PM
COLOMBO (News1st) : යුද හමුදාවේ පර්යේෂණ, විශ්ලේෂණ හා සංවර්ධන ඒකකය නිෂ්පාදනය කළ දෑත් විෂබීජහරණය කිරීමේ ස්වයංක්‍රීය යන්ත්‍රයක් අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත හඳුන්වා දී තිබේ.
විෂබීජහරණ දියර ලීටර් 4 ක ප්‍රමාණයක් ගබඩා කිරීමෙන් පුද්ගලයින් 600කගේ දෑත් විෂබීජ හරණය කිරීමටත්, විදුලි ආරෝපණයෙන් පසු පැය 48 ක් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමේ හැකියාවත් මෙම යන්ත්‍රය සතු ය.
ආනයනය කිරීමට සාපේක්ෂව අඩු පිරිවැයකින් මෙම යන්ත්‍රය රට තුළදී නිෂ්පාදනයට හැකියාව පවතින බැවින් ලැබෙන ඇණවුම් වෙනුවෙන් යන්ත්‍ර නිෂ්පාදනයට මෙන්ම අවශ්‍ය පාර්ශ්ව වෙත දැනුම ලබාදීමට ද යුද හමුදා පර්යේෂණ ඒකකය සූදානමින් සිටී.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, යුද හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජනාධිපති අතිරේක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කේ.බී. එගොඩවෙලේ සහ බ්‍රිගේඩියර් සුදත් උදයසේන යන මහත්වරුන් මෙම විෂබීජ හරණය කිරීමේ ස්වයංක්‍රීය යන්ත්‍රය හඳුන්වා දීමට අවස්ථාවට එක්ව සිටි බවයි.