by Staff writer 06-07-2021 | 5:39 PM
COLOMBO (News1st) : මහජනතාව විශාල වශයෙන් ඒකරාශි වන ආකාරයේ පොදු රැස්වීම් හා උද්ඝෝෂණ පැවැත්විම නැවත දැනුම් දෙනතුරු නොකළ යුතු බව පොලිස් මූලස්ථානය අද (06) පස්වරුවේ දැනුම් දුන්නේ ය.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ , සෞඛ්‍යමය අවදානමක් ඇති කරවමින් විවිධ උද්ඝෝෂණ පැවැත්වීම පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයා වෙත දැනුම් දීමක් කර ඇති බවය.
මහජනතාව වැඩි වශයෙන් ඒකරාශිවන පොදු රැස්වීම්, උද්ඝෝෂණ වැනි ක්‍රියාකරකම් මගින් කොවිඩ් ව්‍යාප්ත වීමේ විශාල අවදානමක් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දී තිබේ.
අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇත්තේ එවැනි ආකාරයේ මහජනතාව විශාල වශයෙන් ඒකරාශි වන පොදු රැස්වීම් හා උද්ඝෝෂණ පැවැත්වීම නැවත දැනුම් දෙන තුරු නොකළ යුතු බවය.
ඒ අනුව එම නිරෝධායන නියෝග සම්බන්ධයෙන් පොලීසිය ක්‍රියාකරන බව පොලිස් මුලස්ථානය අවධාරණය කර සිටී.