කොවිඩ්19 කෙටුම්පතේ වගන්ති 7ක් ව්‍යවස්ථාවට පටහැනියි

කොවිඩ් 19 තාවකාලික විධිවිධාන කෙටුම්පතේ වගන්ති 07ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි - ශ්‍රේෂ්ඨාධිකරණය

by Staff writer 06-07-2021 | 8:49 PM

COLOMBO (News 1st) - කොවිඩ් 19 තාවකාලික විධිවිධාන කෙටුම්පතේ වගන්ති 07ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

අදාල වගන්ති සංශෝධනයකින් තොරව පනත් කෙටුම්පත සම්මත කර ගත හැක්කේ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් බව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය වේ. කොවිඩ්-19 සම්බන්ධිත තත්ත්වයන් යටතේ විකල්ප අධිකරණ නියම කිරීම, දුරස්ථ සන්නිවේදන තාක්ෂණ භාවිතයෙන් අධිකරණ කටයුතු සිදු කරගෙන යාම සහ ගිවිසුම්ගත වගකීම් ඉටුකිරීමට නොහැකි වූ ඇතැම් පාර්ශ්ව සම්බන්ධයෙන් තාවකාලික සහන සැලසීමට මෙම පනත් කෙටුම්පතේ විධිවිධාන සැලසීමට යෝජිතය.